Tuesday, August 10, 2021

කිව්වට වැඩක් නැති කවි

පපුතුරෙහි හොවාගෙන පද පෙලක් විදින්නට

නෙත් පියන් වසාගෙන එක ගීය අසන්නට

එක පොතක පිටු අතර සිර වෙලා සිටින්නට

මැවු හීන බෝ දුරයි හැගෙයි දැන් මා සිතට...


හිත ඇතුලෙ ඇතිවෙලා නැතිවෙලා යන පැතුම

අසන්නට දරන තැත ගඟට කැපු ඉනි සේම

සිතට එන දුක් කෝප වේදනා කැටි කෙරුව

සිටින්නෙමි නිහඩවම හැදෙන තුරු මා අනුව...

දෙවෙනි සදත් අහිමි විය

 අහස් ගැබ එකලු කළ

සදවතිය පෑයු සද

සිසිල් සොමි රැස් කැලත

දෑත පා විදගත්ත

සුදුවන්ව දිලුන මුව

ඇස් පියන් නොවසන්ව

උනුසුම්ව ගලා ගිය

තුරුනු පෙම පන පෙව්ව....


සදවතිය දුරෙක බව

නුබ තරම් නොවෙන වග

ලා සිතට නොවැටහෙන

කරුන පහදා දුන්න

ඒ ලෙසින් ඈත් විය

එලිය දුන් සද සිසිල....


කැමැත්තෙන් හිත් ගත්තු

යලිත් පෑයූ සදෙක

සිසිල් රුව විදගන්න

පන ගැහෙන හිත වරම...


බොහෝ කාලෙකට පොරොතු

රාහුගෙන් කිලි ගත්තු

කලු පාට පැල්ලමක්

ආත්මය ගිල ගත්ත...


සුදු පාට තැවරුවත්

හිතට ලග ඇස් දෙකට

සුදු පාට වෙනුවටම 

පෙනුන ඒ කලු පාට


බොද වෙච්ච හීනයක

මතක සැමරුම් රැගෙන

ඒ ලෙසින් සිත් ගැබට

දෙවෙනි සද අහිමි විය....

අම්මාට ආදරයෙන්...

 දිවි ගමන මගෙ එළිය කරනා සදා දිලෙනා හිරු නුඹයි

පුතු ස්නේහෙන් හිතද සනහා කැකුළු පුබුදන සඳ නුඹයි

රැවුම් ගෙරවුම් සැඩ කිරණ මැද මට සෙවණ දුන් කප් රුක නුඹයි

ජීවිතේ බර කරට අරගෙන මා වටා නැගි මහ මෙර නුඹයි.....

 

ගල් උඩින් පැන නොනැවතී යන'යුරු කියා දෙන දොල නුඹයි

ලොවේ සාරය දැනුම එක්කල මහ සයුර මට නුඹ තමයි

සුවඳ දුම් දී මලින් පිදි යුතු නුඹ මගේ හිතෙ පන්සලයි

සෑමදාමත් සිනහ වී නුඹ ලඟින් සිටිනා පුතු මමයි...


චිත්‍ර

 අලුත් සායම් පාට ගෑවුනු

රනින් වැඩ දා දිලෙන පාටැති

අලුත් චිත්‍රය..


අදුරු මුල්ලක සැගව සිටිනා

අදුරු පාටැති මකුළු දැල් බැදි

පරණ චිත්‍රය...


බලා සිටියෙමි දුරින් සිටිමින්

සසදමින් විදිමින්...

අතරමන් වී චිත්‍ර අතරේ...


වැටහෙනා තුරු

අරුත ගෙන දෙන

වක්‍ර රේඛා

සර්ව සම වග

චිත්‍ර දෙකෙහිම...

ජැකරන්ඩා

ගිම්හාන කාලයක

වියලි ගස් අතරමැද

ගිනිගත්තු අහස් කුස

වසා මා සෙවන කල...


දම් පාට සවස් යම

බිම වැතිර මා එක්ක

කනට කොදුරා කිව්ව

වදන් සින්හා මැව්ව..


දම් පාට මෙලෙක පෙති

කම්මුලේ වදින කොට

සිත වසා සිටි තනිය

කොහෙටදෝ විසි වෙච්ච..


සුවද නැති දම් පාට

මලකි නුබ මුලු ලොවට

ඒ ඇතුලෙ රතු පාට

පණ ගැහෙන හදවතක

සුවද රහසේ බෙදන...

යලිත් සද වඩිනු මැන...

 අනෝරා වැසි වැටුනු දිනෙක මා අහඹු ලෙස

දුටුව සද නුඹේ වත ඇස ගැටුන නිමේෂයක

එකලු වූ මගෙ සිත විදුලි එලි සිය දහස

ලියැවුනා පෙම් සිතෙක නැගුනු කවි මේ ලෙසක...



සෙනග පිරි දුම්රියේ ඈත අසුනක සිටිය

මැලවි ගිය මුහුනු'තර සිත් ගත්ත මුව කමල

නුඹ දෑස මගෙ දෑස හමු වෙච්ච එ මොහොත

මලවි විදි හී පහම සිත් පුරා සුව විදින...

 


මතකයි නුඹ මුව පුරා සිනා වූ හැටි තවම

සිතේ දොම්නස් අදුර දුරු කල රන් මිනි පහන

යලිත් නුඹ දකින්නට සිනා වී හිදින්නට

තවම මම එතනමයි යලිත් සද වඩිනු මැන...

වැස්ස ඇවිදින්....

 සැඩ හිරුගෙ චන්ඩ සිත

දෙපාරක් නොහිත

රව රවා ගිනි පිම්බ

ඉරි තැලුනු සිත් පව්ව ...


කදුලු වියැලී සිදුනු

තනිය සිත බදා ගෙන

ඇසේ දුක හංගාන

සුසුම් ලන මේ කන්ද...


ඈත ක්ෂිතිජය කරා

ඇස යොමන හැම විටෙක

සිත් පව්ව පුදුම විය

ආදරෙන් නහවමින්

අනික් හැම ගල් කුලම

අහස කරනා දගය...


ඒ වැස්සෙ තෙමෙන්නට

තෙමී සිත සැනහෙන්ට

ඇස් අයා බලා හුනි

හිස් අහස් ගැබ දෙසම සිත් පව්ව

හැමදාම වාගේ

වදනකදු පිට නොකර...


කාලෙකට පසුව දැන්

ඇසුනේය හිටි වනම

අකුනු ගුගුරා අහස

එලිය පතුරා දසත

මද නලත් හමා විත්

හැප්පුනා සිත් පව්ව

සසලමින් හඩ දෙමින්

පෙම් රැදුනු මුනු මුනුව...


ටිකෙන් ටික ලං වෙලා

ආදරය ගෙන ආව

මේඝ කුලු වට වෙලා

නැහැව්වා සිත් පව්ව

සැඩ හිරුගේ රැස් වසා...


නියගෙ ඉවරයි ඔන්න

තෙමෙනවා සිත් පව්ව

ආදරයේ සුවද දැන්

සිත පුරා විද ගන්න...

කවි කාරි

නුඹ ලියූ කවි ගොඩක

අතර පැටලුනු සදෙක

රිදුම් දෙන සිතක් ගෙන

නෙත් යවමි පද අතර...


බොහෝ දෙන පසසමින්

නුඹ වටා පවුරක්ව

පෙනෙන්නේ නෑ අපිට

අපේ මේ දුරස් බව...


මතකයි ඒ සොදුරු කල

නුඹේ කවි මම වින්ද

අදහසින් උදහසින්

දිවි කවිය සුවද වුන...


සිටින්නෙමි දුරෙක ඉද

බලා නුඹ ලොව දිනන

ඇරයුමක් සිත දරා

දිනෙක අපි කවි ලියන... 

ආයුබෝවන් නුඹට...

 සිත යදී මිතුරු කම

බෙදා ගන්නට ජීවිතය

විහිලු කරනට කෝප ගන්නට

අඩන්නට හිනැනෙන්ට...


ඒත් දැන් නුඹ දුරෙක

නොදැනෙනා නොපෙනෙනා ලෙස

පනගැහෙන හදවතක

හැගුම් බර යව්වනය...


නොහඩමි මම මෙතැන් සිට

නුඹ නොපැමිනෙන සද

මිතුරු කම පිරි ස්නේහ

හිර කරන් හද තුලම...


ගෙවනු මැන ජීවිතය

අරුත් බර ලෙස සොදින

පතන්නෙමි ජය සැපත

ආයුබෝවන් නුඹට... 

වැහි බිංදුව

 පායන කාලෙටත් බැනුම් අහන

වහින කාලෙටත් බැනුම් අහන

අහින්සක වැහි බිංදුව...

හඩන්නට උරහිසක් ඕනෑ කර තිබේ . . .

 නුඹ සිනා මුව මතක සිත පුරා රැදෙන විට . . .

නුඹ කදුලු බිදු වැටුන තෙත් පොළොව පෙනෙන විට . . .

නුඹ සුවද පොද සමග සිසිල් නල හමන විට . . .

නුඹේ කටහඩ රැදුනු දෝංකාරය ඇසෙන . . .

හැම විටම සිත දවන ඇස දවන කදුලු පොද . . .

වැටෙන්නට ඉඩ දෙන්න ඉසිඹුවක් දෙනු පිණිස . . .

දුක දන්න දුක දැනෙන හඩවතක් හිමි ලියක . . .

උරහිසක් දෙනු මැනව ගිනි ගත්ත හද නිවන . . . 

සුභ පතමි මම නුඹට...

 තුටින් යනු කෙලෙස මම

නොහඩන්න වෙර දරන
හදවතක් අරන් මිස...
නුඹ තැලුව සිත් කැකුල
යලි නගා සිටුවන්ට
වෙර දරමි තාම මම...
සුහද බව පමණක්ම
වීද අපගේ හමුව
නුඹේ සිත් මංකඩට
මාවතක් පමනක්ද...?

සිත මගේ දැවී ගිය
කලෙක මා සිත නිව්ව
ගීතයක් ඇසුනි මට
තනිය සිත වෙලන සද...
තරහවක් නෑ කිසිත්
නුඹ එක්ක මගේ හිත
සැමදාම වගෙ මම
සුභ පතමි මන් නුඹට..

තීරණය නුඹ සතුයි
නුඹේ ජීවිතය ගැන
සිතමි මම නුඹත් එය
දන්න වග නිසැකවම...
යලි යලිත් වැරදෙන්න
ඉඩ දෙන්න එපා නුඹ
නොවිදවා ජීවිතය
විදගන්න පුරා සිත...

හරි ලෙසට ගනු මැනව
තීරණය දිවියටම
නොවරදින ලෙස නුඹට
සතුට දෙන කෙනෙක්වම..
සුභ පතමි මම නුඹට
හිතේ කහටක් නැතිව
කටු මුගුරු මුකුත් නැති
මල් අතුට මං තැනෙන...

සදු නුඹයි හැමදාම මා සිතේ එලිය දෙන

 සිත දැවෙයි නුඹ හා වදනක් දොඩනු බැරි සද

හද තැවෙයි නුඹ පවත් දැනගත නොහැකි වූ කල
මා සැලෙයි නුභෙ සිනා වත දුර ඈත බව හැගුනු විට
ගත දැවෙයි නුභ සුවද මා වටා හමා යන කල

නෙතු ගටිමි පිය මනින නුඹ මාගෙ සිත අසල
රවමි මම සිනහ කදුලක් පුදනු අකමැතිව
ඒ නුඹට ඉදිරියක් ගොඩ නැගෙනු දකින්නට
රිදෙන හිත තද කරන් හඩමි මම නොදැනෙන්ට

මද නලයි සැමදාම මගෙ ගිම් නිවාලන
පද වැලයි මාගෙ කවි හැමකටම අරුත දෙන
මල් වැලයි දිවි ගමන සොදුරු මල් සුවද දෙන
සදු නුඹයි හැමදාම මා සිතේ එලිය දෙන