Tuesday, August 10, 2021

සුභ පතමි මම නුඹට...

 තුටින් යනු කෙලෙස මම

නොහඩන්න වෙර දරන
හදවතක් අරන් මිස...
නුඹ තැලුව සිත් කැකුල
යලි නගා සිටුවන්ට
වෙර දරමි තාම මම...
සුහද බව පමණක්ම
වීද අපගේ හමුව
නුඹේ සිත් මංකඩට
මාවතක් පමනක්ද...?

සිත මගේ දැවී ගිය
කලෙක මා සිත නිව්ව
ගීතයක් ඇසුනි මට
තනිය සිත වෙලන සද...
තරහවක් නෑ කිසිත්
නුඹ එක්ක මගේ හිත
සැමදාම වගෙ මම
සුභ පතමි මන් නුඹට..

තීරණය නුඹ සතුයි
නුඹේ ජීවිතය ගැන
සිතමි මම නුඹත් එය
දන්න වග නිසැකවම...
යලි යලිත් වැරදෙන්න
ඉඩ දෙන්න එපා නුඹ
නොවිදවා ජීවිතය
විදගන්න පුරා සිත...

හරි ලෙසට ගනු මැනව
තීරණය දිවියටම
නොවරදින ලෙස නුඹට
සතුට දෙන කෙනෙක්වම..
සුභ පතමි මම නුඹට
හිතේ කහටක් නැතිව
කටු මුගුරු මුකුත් නැති
මල් අතුට මං තැනෙන...

No comments:

Post a Comment