සිත දැවෙයි නුඹ හා වදනක් දොඩනු බැරි සද
හද තැවෙයි නුඹ පවත් දැනගත නොහැකි වූ කලමා සැලෙයි නුභෙ සිනා වත දුර ඈත බව හැගුනු විට
ගත දැවෙයි නුභ සුවද මා වටා හමා යන කල
නෙතු ගටිමි පිය මනින නුඹ මාගෙ සිත අසල
රවමි මම සිනහ කදුලක් පුදනු අකමැතිව
ඒ නුඹට ඉදිරියක් ගොඩ නැගෙනු දකින්නට
රිදෙන හිත තද කරන් හඩමි මම නොදැනෙන්ට
මද නලයි සැමදාම මගෙ ගිම් නිවාලන
පද වැලයි මාගෙ කවි හැමකටම අරුත දෙන
මල් වැලයි දිවි ගමන සොදුරු මල් සුවද දෙන
සදු නුඹයි හැමදාම මා සිතේ එලිය දෙන
No comments:
Post a Comment