ගිම්හාන කාලයක
වියලි ගස් අතරමැද
ගිනිගත්තු අහස් කුස
වසා මා සෙවන කල...
දම් පාට සවස් යම
බිම වැතිර මා එක්ක
කනට කොදුරා කිව්ව
වදන් සින්හා මැව්ව..
දම් පාට මෙලෙක පෙති
කම්මුලේ වදින කොට
සිත වසා සිටි තනිය
කොහෙටදෝ විසි වෙච්ච..
සුවද නැති දම් පාට
මලකි නුබ මුලු ලොවට
ඒ ඇතුලෙ රතු පාට
පණ ගැහෙන හදවතක
සුවද රහසේ බෙදන...
No comments:
Post a Comment